2009 ඔක්තෝබර් 25 at ප.ව. 4:43 (කවි)
Tags: කවි
මද සිනා මුවගෙහි රැඳී
හැමදාම නව සළු අඳී
ඇසිපියද නොහෙලනා දෙවඟන
සදා නුඹ මුනිවත රකී
කඳුළකට ඉඩ කඩ නැතී
නෙතේ නිල් පැහැ නැත මැකී
එහෙත් වීදුරු කවුළුවක නුඹ
හුදකලා සිහිනය දකී
හැමදාම නව සළු වියන මට
අලුත් සළුවක පින නැතී
සිහින විකුණන සල්පිලේ දොර
මගේ කඳුළක් ඇත රැඳී
රෝස පැහැ නිය තුඩගිනී
මගේ එකඳුළ ගෙන නැමී
නුඹේ නෙතු අග තබන් මියුලැස
නිසැක මුනිවත යයි බිඳී
ප්රතිචාර 2
2009 ඔක්තෝබර් 17 at පෙ.ව. 10:00 (කවි)
Tags: කවි
පොකුණේ ජල තරඟ මැද
කුඩ මසු පිළි ගඳ විඳ විඳ
හිටියා ඇතැයි හොඳට ම
සිතුවා දිය බිඳක්
අහසට පෙම් බඳින්නට
වෙලී හිරු රැස් දහරක
උණුසුම් ව මේ දියපොද
නැගුණා ගුවනතට
සොඳුරු විය දිවි මොනවට
උණුසුම සිසිල් විය
දිය වලාකඩ කඳුළු බර විය
මහ වැසි ඇද හැලිණ
දිය බිඳ හැපිණ මිහි මත
මඩ කලලින් පිරුණු
පල් වූ දිය කඩිත්තක
ගිලී කිමිදී සොයයි දිය බිඳ
කුඩමසෙක් වත් ඇද්ද තනිය
එක් ප්රතිචාරයක්