පොකුණේ ජල තරඟ මැද
කුඩ මසු පිළි ගඳ විඳ විඳ
හිටියා ඇතැයි හොඳට ම
සිතුවා දිය බිඳක්
අහසට පෙම් බඳින්නට
වෙලී හිරු රැස් දහරක
උණුසුම් ව මේ දියපොද
නැගුණා ගුවනතට
සොඳුරු විය දිවි මොනවට
උණුසුම සිසිල් විය
දිය වලාකඩ කඳුළු බර විය
මහ වැසි ඇද හැලිණ
දිය බිඳ හැපිණ මිහි මත
මඩ කලලින් පිරුණු
පල් වූ දිය කඩිත්තක
ගිලී කිමිදී සොයයි දිය බිඳ
කුඩමසෙක් වත් ඇද්ද තනිය
SRIshanu said,
2009 ඔක්තෝබර් 17 at පෙ.ව. 11:10
මාරයි…!