වීදුරු කවුළුවේ මියුලැස

මද සිනා මුවගෙහි රැඳී
හැමදාම නව සළු අඳී
ඇසිපියද නොහෙලනා දෙවඟන
සදා නුඹ මුනිවත රකී

කඳුළකට ඉඩ කඩ නැතී
නෙතේ නිල් පැහැ නැත මැකී
එහෙත් වීදුරු කවුළුවක නුඹ
හුදකලා සිහිනය දකී

හැමදාම නව සළු වියන මට
අලුත් සළුවක පින නැතී
සිහින විකුණන සල්පිලේ දොර
මගේ කඳුළක් ඇත රැඳී

රෝස පැහැ නිය තුඩගිනී
මගේ එකඳුළ ගෙන නැමී
නුඹේ නෙතු අග තබන් මියුලැස
නිසැක මුනිවත යයි බිඳී

Follow

Get every new post delivered to your Inbox.