මද සිනා මුවගෙහි රැඳී
හැමදාම නව සළු අඳී
ඇසිපියද නොහෙලනා දෙවඟන
සදා නුඹ මුනිවත රකී
කඳුළකට ඉඩ කඩ නැතී
නෙතේ නිල් පැහැ නැත මැකී
එහෙත් වීදුරු කවුළුවක නුඹ
හුදකලා සිහිනය දකී
හැමදාම නව සළු වියන මට
අලුත් සළුවක පින නැතී
සිහින විකුණන සල්පිලේ දොර
මගේ කඳුළක් ඇත රැඳී
රෝස පැහැ නිය තුඩගිනී
මගේ එකඳුළ ගෙන නැමී
නුඹේ නෙතු අග තබන් මියුලැස
නිසැක මුනිවත යයි බිඳී
වැප් said,
2009 ඔක්තෝබර් 26 at පෙ.ව. 3:55
“සදා නුඹ මුනිවත රකී” දුක හිතෙන අදහසක්…………..
දුකා said,
2009 දෙසැම්බර් 9 at ප.ව. 5:51
niyamayi . . digatama liyanna . .
බිඟුවා..! said,
2010 ජනවාරි 14 at පෙ.ව. 8:00
lassanayi….